සභානායකවරයා විසින් විපක්ෂයට ලපයි සිපයි යනුවෙන් ඇමතීම මුල්කර ගනිමින් සභාවේ විවාද තත්ත්වයක් ඇතිවී පවතී.
කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා;-(සජබ)
විවාදයකදී අයුතු වචන පාවිච්චි කළ මන්ත්රීවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තුව විසින් සුදුසු යැයි සලකනු ලබන කවර හෝ ආකාරයකින් කටයුතු කළ හැකි බව ස්ථාවර නියෝග වල සඳහන්ව තිබෙනවා. ඒක නිසා සභා නායකවරයාට ඒ කියපු වචනය ඉල්ලා අස්කර ගන්න කියන්න.
සභානායක නායක බිමල් රත්නායක මහතා:-
ඔබතුමාලා අපට කොච්චර වචන කියන කියනවද?
කථානායක ජගත් වික්රමරත්න මහතා:-
ඔබතුමාලා මට කොච්චර පරිභව කරලා තියෙනවාද? මේ පොඩි කාරණාවක් අල්ලගෙන නටන්නේ නැතුව ඉන්න.