යුරෝපා සංගමයේ වනාන්තර එළි පෙහෙළි කිරීම නියාමනය කිරීම පිළිබඳ රෙගුලාසි එළැඹෙන දෙසැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිත බවත් එම රෙගුලාසිවල අරමුණ වෙළෙඳ භාණ්ඩ හතක් ආශ්‍රිතව සිදුවන වන විනාශය නියාමනය කිරීම බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නවතම අධ්‍යන වාර්තාවක් පෙන්වා දුන්නේය.
ගවයන්, කොකෝවා, කෝපි, පාම් තෙල්, සෝයා, දැව, ස්වාභාවික රබර් සහ ඒවායින් ලබා ගන්නා නිෂ්පාදන වන ටයර්, චොකලට් සහ ලී ගෘහ භාණ්ඩ හේතුවෙන් සිදුවන වන විනාශය නියාමනය කිරීම එම රෙගුලාසිවල අරමුණ බව එම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව ලබන වසරේ මුලසිට යුරෝපා සංගමයේ වෙළඳපොළට අපනයනය කරන ඕනෑම නිෂ්පාදනයක් වන විනාශයෙන් තොරව නිෂ්පාදනය කර තිබිය යුතු බවත් නිෂ්පාදිත රටේ නීතිවලට අනුව නීත්‍යානුකූලව නිෂ්පාදනය කර තිබිය යුතු බවත් එම වාර්තාවේ සඳහන් වේ.