කළුතර හිරණ සහ පානදුර පින්වත්ත යන ප්රදේශවලදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම සහ පානදුර පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධිවලට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ තිහක් සහිත මැගසිනයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ සහ අළුබෝමුල්ල ප්රදේශවල පදිංචි 38 හැවිරිදි රියදුරකු සහ වඩු කාර්මික ශිල්පියෙකි. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මිලිග්රෑම් 4300 ද පොලිසිය සොයාගෙන ඇත.