බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සැප්තැම්බර් 30වැනිදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය
මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති, පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව විසින් ගොනුකොට තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වග උත්තර කරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති
පෙත්සම්කරුවන් කියා සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ නීතියට පටහැනි බවයි.