‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය තෙදිනක් පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
උතුරු මැද පළාතේ වැව් පිටි රැසක ජපන් ජබර ඇතුලු ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම හේතුවෙන්, වන අලින්ට වැව් පිටිවල වැවෙන ළා තණ අහිමි වී තිබේ.
ප්‍රෝටීන් අධික ආහාරයක් වන ළා තණ වලට වන අලි මහත් රුචිකත්වයක් දක්වති. කලා වැව ආශ්‍රිතව සාමාන්‍යයෙන් වන අලි හාරසියයක් පමණ ජීවත්වන බවට අනුමාන කෙරේ. මෙම වන අලින්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබීම නිසා වන අලි ගම් වදිති. ඉන්, ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම් උග්‍ර වී තිබේ. පසුගිය මාස කිහිපයේදී , වන අලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයෝ කිහිපදෙනෙක් මිය ගියහ. ප්‍රදේශයේ වී වගාව බහුලව සිදු කෙරෙන අතර, සෝයා,බඩ ඉරිඟු , පලතුරු හා එළවළු වර්ගද වගා කෙරේ.
ඒ අනුව අනුරාධපුර කලා වැව, වැව් පිටිය සහ කලාගම හා බලලු වැව වැව් පිටිවල ජපන් ජබර ඇතුලු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කිරීමට ඉකුත් 5 දා ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය එය ඊයේ අද (7) දිනද සාර්ථකව ක්‍රියාත්මක කෙරුණි.මේ යටතේ අක්කර 20කට අධික ප්‍රදේශයක් පුරා පැතිරි තිබු ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක මුළුමනින්ම ගලවා ඉවත් කිරීම සිදු කෙරිණි.