ඇල්ල ඇතුළු ඌව පළාතේ දරුණු රිය අනතුරු පාලනය කිරීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා විශේෂ වැඩපිළිවෙලක් අරඹා ඇත.
ඌව පළාත් ප්රධාන ලේකම් අනූෂා ගෝකුළ පනාන්දු මහත්මිය සඳහන් කරන්නේ මෙහි පළමු පියවර ලෙස අදාළ පාර්ශ්ව කැඳවා අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන බවයි.
මේ පිළිබඳ සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වේ. අනතුරු අවම කර ගැනීම සඳහා මාර්ගවල යම් යම් වෙනස්කම් සිදු කිරීමටද අවධානය යොමුව ඇත.