ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධවලට අනුබල දුන් දෙදෙනකු T 56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30 ක්, සහ පසුගිය දිනවල අපරාධ සදහා යොදාගත් යතුරුපැදියක් සමග අත් අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ටාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය සුරංග නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන අයකු සහ හොරණ ප්‍රාදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.
පළමු සැකකරු වන ඇඹිලිපිටියේ සුරංග නැමැත්තා පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදිය සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. යතුරු පැදියේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ ඒවා බවත්, පානදුර හිරණ මාලමුල්ල සහ මාදුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීම් සදහා යොදාගත් යතුරු පැදියක් බවටත් හදුනාගෙන තිබේ. එම සැකකරු පානදුර නිලංග නමැත්තා සිදුකළ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන සඳහා යතුරුපැදී ලබාදීම වෙඩි තැබීම් සඳහා සැලසුම් කිරීම, ගංජා ජාවාරම් හෙරොයින් ජාවාරම් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයකු බවටද හදුනාගත් බව පොලිසිය කීය.