රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතයට අයත් කොඩිගලකන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වු හිමිනමක් , කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු දහ දෙනෙකුගෙන් යුත් පිරිසක් රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් එම පිරිස අතර සිටි කාන්තාවන් 05 දෙනා හා පිරිමි පුද්ගලයින් 04 දෙනා කඩුවෙල බෝමෙරිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද අත්අඩංගුවට පත්ව ඇති ඔවුන්ට මඟ පෙන්වූ බව කියන හිමිනම මුරියාකඩවල ප්‍රෙද්ශයේ විහාරයක වැඩ වාසය කරනු ලබන බවද වනජීවී නිලධාරිහු සිදුකළ විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත.
සැකකාර හිමි නම විසින් මීට පෙරද මෙලෙස නීති විරෝධී අයුරින් රිටිගල දැඩි ස්වභාව රක්ෂීතයට සංචාරකයින් රැගෙන යාමට උත්සහකළ අවස්ථා කිහිපයකදී දැඩි ලෙස අවවාද කර මුදා හැර තිබියදී එම උපදෙස් නොතකා තවදුරටත් මෙලෙස සංචාරකයින් හා දැ හැදුනුම්කම ඇති අය මෙලෙස නීති විරෝධී අයුරින් රිටිගල දැඩි ස්වභාව රක්ෂීතයට ඇතුළු කිරීමටකටයුතු කර තිබූ බව වනජීවී නිලධාරීහු පවසති.
දැඩි සංවේදී පරිසර කලාපයක් වන රිටිගල දැඩි ස්වභාව රක්ෂීතය සාමාන්‍ය ජනතාවට ඇතුළුම නීතියෙන් තහනම් කර ඇති ප්රදේශයකි.