මොල්ලිපොතාන, 09 කොළණියේ පිහිටි ගණදෙවි කෝවිලේ ඊයේ (06) රාත්රී පැවැති වාර්ෂික උත්සවය වර්ණවත් කරමින් දැමූ පුපුරා නොගිය මල් වෙඩිල්ලකට පයින් ගසද්දී එය පුපුරා යාමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයෙකු කෝවිල් අඩි රෝහලට ඇතුළත් කරද්දී මිය ගිය බව තඹලගමුව පොලිසිය කියයි.
මෙසේ පිළිසුම් තුවාල ලබා මියගියේ මොල්ලිපොතාන, සදාම් නගර් පදිංචි කනපතිපිල්ලේ කාලිරාසා (45) නැමැති අයෙකි.
මල් වෙඩි සංදර්ශනයේදී එක් මල් වෙඩිල්ලක් පුපුරා නොගිය අතර පුපුරා නොගිය මල් වෙඩිල්ලට මියගිය අය කිහිප වරක් පයින් ගසද්දි හදිසියේ පුපුරා යැමෙන් මෙලෙස පිළිස්සුම් තුවාල ලැබූ බව සිද්ධිය දුටුවන් පොලිසියට පැවැසීය.