කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලකරුවන් සමග සබඳතාවක් තිබුණා නම් එය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය එය හොඳාකාරවම දන්නවා ඇති යැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
” ආණ්ඩුව ඉදිරියේදී අපිත් ඔය පාතාලකරුවන්ට ගාවන්න ඉඩ තියෙනවා” යැයි නමල් රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු එසේ පැවසීය.
ශ්‍රී ලංකා පොලිසිය සාමාන්‍ය කට කතාවලට සහ ඕපාදූපවල කටයුතු නොකරන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
විමර්ශනවලින් තොරතුරු අනාවරණය වීමටත් පෙර ඔහු එසේ ප්‍රකාශ කිරීම ප්රශ්නකාරී බවද ඔහු සඳහන් කළේය.