ඇල්ල අනතුරේදී ජනතාවගේ ජීවිත බේරා ගැනීමට දායක වූ සියලු දෙනා පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට තම හෘදයාංගම ගෞවරය පිරිනමන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද කියයි.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදු වූ බස් රථ අනතුර පිළිබඳව මම දැඩි සංවේගයට පත් වුණෙමි. මෙම අනතුරට ලක් වූ තංගල්ල මහනගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්.කේ රූපසේන මහතා ඇතුළු පිරිසකගේ ජීවිත අහිමි වී ඇති අතර සමස්ත මහජනතාව මේ සිදුවීම හේතුවෙන් දැඩි කම්පනයට පත් වී ඇත.
දැඩි බෑවුම් සහිත ස්ථානයක, අනතුරට ලක් වූ අපේම සහෝදර ජනතාවගේ ජීවිත බේරාගැනීමට දෙවරක් නොසිතා සටන් කළ, ඇල්ල ප්‍රදේශයේ සහ ඒ ආසන්න ප්‍රදේශවල ජනතාව ඇතුළු පොලිස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, වෛද්‍ය කණ්ඩායම් සහ ගිනි නිවීමේ ඒකකයන්හි සියලුම නිලධාරීන් පෙන්වූ මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට මාගේ හෘදයාංගම ගෞවරයත් ස්තූතියත් පුද කරමි.
නොසිතූ අන්දමින් සිදු වූ, රටම කම්පනයට පත් කළ මෙම අනතුරෙන් මිය ගිය සියලුම දෙනාට උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.