කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ස්මාට් අත් ඔරලෝසුවක් , ජංගම දුරකථන තොගයක් සහ විවිධ මත්ද්‍රව්‍ය හමුවී ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සොයාගත් එම ජංගම දුරකථන 27 අතර ස්මාර්ට් ජංගම දුරකථන 07 ක් ද තිබී ඇතැයි දැනගන්නට ඇත.මත්ද්‍රව්‍ය අතර හොරයින් අයිස් සහ ගංජා ද අඩංගුව තිබී ඇතැයි කියයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජේ වාට්ටුවේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ජංගම දුරකථන 04 ක්ද , එම් 2 වාට්ටුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ස්මාට් ජංගම දුරකථන 07 ක් ස්මාට් අත් ඔරලෝසුව සහ සෙසු ජංගම දුරකථන තොගය මෙන්ම විවිධ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී ඇතැයි කියයි.