වැල්ලවාය රාවණා ඇල්ලට නුදුරින් ඊයේ රාත්රියේ සිදු වූ බස් රථ අනතුරින් 17 දෙනකු මිය ගිය බව පොලිසිය කියයි.
13 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිය අනුමාන තරයි.අනතුර පත්වූ බස් රථය අඩි 700 පමණ ප්රපාතයට පෙරලී ඇති අතර බස් රථයට දැඩි හනි දිදුව ඇයි ද පොලිසිය කියයි.
වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදුරු මවුන්ට් 7 හෝටලය අසල දී ප්රපාතයකට පෙරළුණු බසයේ සිටින තුවාල කරුවන් රාත්රී 1.00 වන විටත් ගොඩට ගනිමින් සිටින බව අප වාර්තාකරුවෝ පවසති. මිය ගියන ගණන 10 දක්වා ඉහළ ගොස් ඇති බවද දැන ගන්නට ඇත. 18 දෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.
අදික අදුර නිසාත් ප්රපාතය ඉතා ගැඹුරු නිසාත් රෝගීන් ගොඩට ගැනීමට දැඩි පරිශ්රමයක් දැරිමට සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. පොලිසියේ, යුද හමුදාවේ මෙන්ම ගුවන් හමුදාවේ ද සහායෙන් තවමත් තුවාල ලැබූවන් ගොඩට ගනිමන් සිටින බව ද පොලිසිය පවසයි. තුවාලකරුවන් බදුල්ල රොහලට ඇතුළත් කර ඇත.
තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් විනෝද චාරිකාවක් යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. මෙම විනෝද චාරිකාවට 20ක අධික පිරිසක් එක්ව සිටි බවට ආරංචි මාර්ග කියයි. ඒ අතර කුඩා දරුවෝ ද වෙති. මෙම චාරිකාව සඳහා 36 දෙනකු පමණ එක්වී ඇතැයි කියති.