නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවියන් පිරිසකට නවක වදය දුන් බව කියන සිසුවියන් 6 දෙනකු සහ සිසුන් 9 දෙනකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම ඉගනුම ලබන අවුරුදු 24 ත් 26 අතර වයස් වල පසු වන සිසුන් පිරිසකි.
සැකකාරියන් සහ සැකකරුවන් 2021 සහ 2022 වසර වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් පිරිසකට නවක වදය ලබා දී ඇතිබවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවක වදය සම්බන්ධ පැමිණිලි විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් ඊයේ(03) අත්අඩංගුවට ගෙන ඇත.