ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය සහමුලින්ම නීති විරෝධී එකක් බව එම පක්ෂයේ හිටපු ලේකම් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය
නිමල් සිරිපාලද සිල්වා සහ දුමින්ද දිසානායක නිත්‍යානුකූලව පත්වූ අය නොවන හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වීමට ඔවුනට කිසිම අයිතියක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
මෙම සම්මේලනයට තමාට ආරාධනය නොකළ බවත් සංවත්සරයේදී අද ගන්නා තීන්දු නීති විරෝධී බවත් ජයසේකර මහතා පැවසීය.
නඩු තීන්දුව ලැබුණට පසු හොරට පත් වූ අය ඉවත් කරන බවද හෙතෙම සඳහන් කළේය.
තමන්ට වාසියක් ලැබුණු වහා ඕනෑම තැනක ලගින්න පුළුවන් මිනිසුන්ගේ අනාගතය අවසන් කරන බවත් මේ අය සමග වැඩ කරන්න එපා යැයි තමා සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.