තංගල්ල හම්බන්තොට ප්රධාන මාර්ගයේ රන්න නගරයට ආසන්නව වැලි ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් ලොරි රථයේ රියදුරු මියගොස් තිබූ බව හුංගම පොලිසිය පවසයි.
බුත්තල සිට මාතර දක්වා වැලි ප්රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය අද අළුයම අනතුරට ලක්ව ඇතැයිද පොලිසිය කියයි.
දීර්ඝ වේලාවක් තිස්සේ ලොරිය ධාවනය කිරීම නිසා රියදුරට නින්ද යන්නට ඇතැයි ද එම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි ද පොලිසිය සැක කරයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ අකුරුගොඩ සුල්තානාගොඩ ප්රදේශයේ පදිංචිකරුවකු වූ 43 වැනි වියේ පසු මහගමගේ ඉන්දික යන අයයි.