අක්මිමන කුරුදුවත්තේ පිහිටි රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපිඨය තුළ ස්ථාපිත කොට ඇති සි.සි.ටි.වි කැමරා පද්ධතියෙහි කැමරා 24න් 15ක් අක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
එමෙන්ම විද්‍යා පිඨය සදහා ලැබි තිබු අත්ට්‍රැක්ටරය වසර 10ක පමණ කාලය සිට කිසිදු ප්‍ර යෝජනයකට නොගෙන නිෂ්කාර්යව පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ පිළිබද රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ පිඨාධිපති ආචාර්ය, එස්.එන්.කේ. නානායක්කාර මහත්මියගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවාය.
විද්‍යා පිඨය ආරම්භ කරණ විට තමයි මෙම සි.සි.ටි.වි කැමරා පද්ධතිය සවිකරලා තියෙන්නේ. ගොඩක් පරණ කැමරා තමයි තියෙන්නේ .මේ වනවිට කැමරා 11ක් පමණ ක්‍රියාකාරි තත්ත්වයේ තියෙනවා.
ඉතිරි කැමරා අලුත්වැඩියා කිරිමට කටයුතු කරණවා. මේගැන පරික්ෂාකිරිම සදහා ඉංජිනේරුවරයකු ද පැමිණිමට නියමිතව තියෙනවා.ගෘහස්ථ ක්රිඩාගාරය පාවිච්චිකරණවා.ගෘහස්ත ක්‍රිඩංගනය තැන් තැන්වලින් තෙමුනා. පසුව එය ගොඩනැගලි අංශය මගින් අලුත්වැඩියා කළා. දැනුත් පොඩ්ඩක් තෙමෙනවා.
නමුත් ළමුන් ගෘහස්ථ ක්රිඩාගාරය පාවිච්චි කරණවා.අත්ට්රක්ටරය භාවිතා කිරිමට පුළුවන් එකක් නෙවෙයි.තාක්ෂණවේදය තියෙන පාසලකට දරුවන්ගේ ප්‍ර යෝජනය සදහා එම ට්රක්ටරය ප්රදානය කිරිමට ඉදිරියේ දි කටයුතු කරණ බවද පිඨාධිපතිතුමිය වැඩිදුරටත් සදහන් කළාය.