රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක පෞද්ගලික මගි ප්‍රවාහන සේවා බස් රථයක දොරටුවෙන් ඇද වැටී රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම අනතුර සිදුවී දින 14 කටපසු පෙරේදා(1) මියගිය බව පැල්මඩුල්ල පොලිසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර මොර ගහ යට ලේන් කැටිය පාරේ පදිංචිව සිටි පී. මදාරා මධුභාෂිනි නැමති තිස් දෙහැවිරිදි එක්දරු මවක වූ වෛද්‍යවරියකි.
මෙම වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ දී පෙරේදා පවත්වනු ලැබුවේ එම රෝහලේ හදිසි මරණ පරීක්ෂක p .m .හරීන්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසිනි.
මෙම වෛද්‍යවරිය සේවය නිමකර පෞද්ගලික මගී බස් රථයකින් නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ මඩ කලපුව කොළඹ ප්රධානමාර්ගයේ පැල්මඩුල්ල පොලිස් ස්ථානයය ආසන්නයේදී බස් රථයෙන් ඇද වැටී තිබුණේ ඉකුත් 19 වැනිදාය.
ත්‍රී රෝද රථයක් එක්වර මාර්ගය හරහා දැමීමට යෑමේදී බස් රථ රියදුරා තිරිංග තද කිරීමේදී වෛද්‍යවරිය දොරටුවෙන් විසිවී ගොස් පාරේ ඇද වැටී තිබෙන බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය