කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරතිබූ බිළිදු මළ සිරුරක් අස්ථානගතව ඇතැයි මරදාන පොලිසිය කියයි.
ඉකුත් අගෝස්තු මස 01 දෙමටගොඩ පොලිස් වසමේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක වැසිකළියක් තුළ තිබි මෙම බිලිදු මළ සිරුර හමුවී තිබිණි.
ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මගින් විමර්ශන සිදුකර මහේස්ත්රාත්වරයාගේ නියෝග මත කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ බිලිදු මළ සිරුර තැන්පත් කර තිබිණි.
එම දේහය සම්බන්ධයෙන් ඉකුත් මස 29 හා 31 වෙනි දිනයන් හි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණ ළමා මෘත දේහය සම්බන්ධයෙන් විමසා ඇතිමුත් එම දේහය සොයාගැනීමට නොහැකි වී ඇත.