සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අත්හිටුවූ පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය මෙම මස 6 වැනිදා පැවැත්වීමට නියමිත බවත් එහිදී එහිදී එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බවත් ප්‍රධානියා සඳහන් කළේය.
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට හිටපු ජනාධිපතිවරුන්ට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ඇරියුම් කිරීමට නියමිත බව ද එම ප්‍රධානියා වැඩි දුරටත් සඳහන් කළේය.