ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගැනුණු පාතාල ප්‍රබලයින් ලෙස සැලකෙන බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු නැමැත්තා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ ජාවාරම්වලට සම්බන්ධ බවට පැවසෙන දකුණේ පාතාලයට සම්බන්ධ හත් දෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
මෙම හත්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුමක් දියත් කර තිබේ.
මෙම මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින් පදිංචිව සිටින මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවාස හතක් මෙම පොලිස් කණ්ඩායම විසින් ඊයේ වටලා ඇතත් ඔවුන් එම නිවාස වසා දමා අඹු දරුවන්ද සමග ප්‍රදේශයද අතහැර පලා ගොස් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
කෙහෙල් බද්දර පද්මෙ ,බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු විදේශයන්හි වරින් වර සැඟව සිටින අවස්ථාවලදී ඔවුන් ලබාදෙන දුරකථන ඇමතුම් අනුව මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයින් හත් දෙනා මත්ද්රව්යමත්ද්රව්යස් ජාවාරම් සහ අවි ආයුධ ජාවාරම් සිදු කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට තිබේ.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මට බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයුම යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් දකුණු පළාතට ගොස් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වාගෙන යයි.