හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාටද ගෙදරින් කෑම ලබාගැනීමට බන්ධනාගාර ප්‍රධානීන් අවසර ලබා දී ඇත.
එම දෙදෙනා කළ ඉල්ලීමක් අනුව මෙසේ අවසර දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය.
මේ අනුව දෙදෙනාම ඊයේ දහවල් සිට ගෙදරින් කෑම ලබාගෙන ඇත.
මෝදර ධීවර වරාය බඳු දීමේදී රජයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පාඩු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.
2006 පළාත් පාලන ඡන්දය පැවති කාල සීමාවේදී මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසට පහරදී අනර්ථයක් කිරීම සම්බන්ධයෙන් නිමල් ලංසා මහතා ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.