යල් පැනගිය වෙළෙඳ උපක්‍රම වෙනුවට නව උපක්‍රම භාවිත කරමින් ව්‍යාපාර කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය, එරංග ගුණසේකර මහතා පැවසීය.
නවීන තාක්ෂණය භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වෙළෙඳ කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කොළොන්නාව නගර සභාව විසින් කාන්තාවන් සවිබල ගැනීමේ අරමුණින් පවත්වනු ලබන ස්වයං රැකියා පුහුණු පාඨමාලාව නිම කළ කාන්තාවන් සඳහා සහතිකපත්‍ර ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
කොලොන්නාව මංගලපාය උත්සව ශාලාවේ දී සහතික පත්‍ර ලබාදීම සිදු කෙරුණි.
ඒ අනුව මැහුම්, බතික්, රූපලාවන්‍ය පාඨමාලා නිම කළ කාන්තාවන් සඳහා සහතික පත්‍ර ලබාදීම සිදු විය. මෙහිදී අත්කම් ප්‍රදර්ශනයක්, මනාලියන් දැක්මක් හා බතික් විලාසිතා දැක්මක් ද පැවැත්විණි.