පාදුක්ක පින්නවල දුම්රිය ස්ථානය ආසන්නයේ අතහැර දමා තිබූ පාළු නිවසක තිබී මාංචු කුට්ටමක් හමු වූ බව හංවැල්ල පොලිසිය පවසයි.
ප්රදේශවාසියකුගෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එම නිවසට ගොස් සිදුකළ පරීක්ෂාවේදී අදාළ මාංචු කුට්ටම සොයා ගැනීමට හැකිව ඇත.
මෙම මාංචු කුට්ටම පොලිසිය භාවිතා කරන මාංචු කුට්ටමක් නොවන බවත් මෙය කුමන කාරණයක් සඳහා මෙම පාලු නිවසට ගෙනවිත් තිබුණේද යන්න වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවද පොලිසිය පවසයි.