ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත් අනෙක් රටවලට බදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් එරට ෆෙඩරල් අභියාචනාධිකරණය පසුගිය දා තීන්දු කළේය.
ෆෙඩරල් අභියාචනාධිකරණයේ 11 දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද පිළිබඳව අභියාචනය විභාග කර ඇති අතර විනිසුරුවරුන් 7 දෙනකුගේ එකඟත්වයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
ලෝකයේ රටවල් තමන්ට පනවා ඇති තීරු බද්ද අඩු කර ගැනීම සඳහා පවත්වන සාකච්ඡාවල තීරණාත්මක මොහොතක ෆෙඩරල් අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඇමෙරිකාව සිය වෙළෙඳ හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡා හෙට (01) වනවිට අවසන් කිරීමට එරට භාණ්ඩගාර ලේකම් ස්කොට් බෙසන්ට් බලාපොරොත්තු වුවත් අභියාචනාධිකරණ තීන්දුවත් සමග එම ඉලක්කය මග හැරී යනු ඇත.
ජනපති ට්‍රම්ප් පසුගිය අප්‍රේල් 2 වැනිදා “අන්‍යෝන්‍ය බදු ක්‍රමය” ප්‍රකාශයට පත් කිරීමත් සමග පසුගිය මාස 5 පුරාවට ලෝක ආර්ථිකයේ අස්ථාවරත්වයක් ඇති විය.
ඇමෙරිකාව තුළ ද භාණ්ඩ මිල ඉහළ යාමට එය හේතුවක් විය.