පොතුවිල් පොලිස් වසමට අයත් කෝමාරිය ප්රදේශයේ ඊයේ (30) සිදුවූ බස්රථ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් 56 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොතුවිල් පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බස් රථයේ පැමිණි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
වැලිමඩ සිට දීඝවාපි රජමහා විහාරයේ ශ්රම දානයකට පැමිණි පිරිසක් ශ්රමදානය අවසන්වී ආපසු අරුගම්බේ දෙසට පැමිණෙමින් සිටිය දී කෝමාරිය රෝහල අසල දී බෝක්කුවකින් පහලට පෙරලී ඇති බව, පොතුවිල් පොලිසිය සදහන් කරයි.
රියදුරුට නින්දයාම නිසා අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය අනුමාන කරන අතර, විමර්ශන සිදුවෙමින් පවතී.