ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
දිස්ත්‍රික්ක කිහිපයක පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂකවරුන් 23 දෙනකු සඳහා පත්වීම් ප්රදානය කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේදී එක්වෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.
1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනතේ 108 වගන්තියෙන් අධිකරණ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්වීම් ප්රදානය කෙරෙයි.
“හදිසි මරණ පරීක්ෂක තනතුරු 170 ක් පමණ පුරප්පාඩු පවතිනවා. එම පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කිරීමට කටයුතු කරනවා. මේ රට දේශපාලඥයින්ට අයිති රටක් නොවෙයි. මේ රට අයිති ජනතාවටයි. ඒ නිසා තම සේවය හැගීමෙන් සිදු කරන්න එවිට නිසි සේවාවක් ලබාදීමේ හැකියාව තිබෙනවා. ප්‍රතිලාභයකින් තොර මහජන සේවය පිණිස මරණ පරීක්ෂකවරුන් කරනු ලබන සේවය අගය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.