ඒකාබද්ධ විපක්ෂ ඊයේ පැවැත්වූ සාකච්ඡා මඟහැරීම පිළිබඳව විමසීමකදී පොහොට්ටුවට විශේෂ අනන්‍යතාවක් සහ වැඩපිළිවෙලක් තිබෙන බවත්, පක්ෂයේ කටයුතු කරන්නේ එම අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
රනිල් වික්‍රමසිංහ සම්බන්ධ කාරණයේදී ඒකාබද්ධව කටයුතු කළ බවත් අවශ්‍යතාව අනුව ඉදිරියේදී කටයුතු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කොළඹ කේන්ද්‍ර කරගත් සාකච්ඡාවෙන් එහා ගිය ජනමතයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.
මැතිවරණයක් අපේක්ෂාවෙන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙලෙස පැහැදිලි කළා.
“ආණ්ඩුවට ලැබුණු ජනවරමට අගෞරවයක් කිරීමට අපිට බැහැ. ජනතාව තීන්දුවක් ගත්තේ ‘මේ අයටත් දීලා බලමු’ කියන එක වෙනුවෙන්. ඒ නිසා දීලා බලපු ගමන්ම නැවත බලය ගන්නවට වඩා, ‘දීලා බැලුවට පස්සේ මොකද හිතෙන්නේ’ කියලා මහජනයාගෙන්ම අහන්න තව යම් දුරක් ඉදිරියට යා යුතුයි. එසේ නැතිනම් මෙය එක්තරා ආකාරයක දේශපාලන බලහත්කාරකමක් විය හැකියි. යම් තැනකදී මහජනතාවම කියාවි ‘දැන් අපි ඡන්දයකට යමු’ කියලා. නමුත් ඒක 2029 දක්වා උපරිමයට යයි කියලා අපිට හිතන්න බැහැ.”