විල්පත්තු ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී ගැබිණි මුව දෙනක මරා මස් කිරීමට සූදානම්ව සිටි පුද්ගලයින පස් දෙනෙකු ගිණී අවියක් හා තියුණු අයුධ ද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
කුකුල්කටුව වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් රනෝරාව, මීගස්දෙණිය ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර සිදුකළ ක්ෂණික වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
කිසියම් පිරිසක් ගැබ්බර මුව දෙනක මරා දමා මස් කිරීමට සූදානම් වන බවට මුර සංචාරයේ නිරතව සිටි වනජීවි නිලධාරීන් දැක ඇති අතර ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් ක්ෂණිකව එම ස්ථානය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණ.
වනජීවි නිලධාරීන් ක්ෂණිකව සිදු කළ එම වැටලීමේදී සිද්දියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබිණ.වැටලීම සිදුවන අවස්ථාවේ එහි සිටි එක් සැකකරුවකු වනජීවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් පළා ගොස් තිබේ.