පවුල් ආරවුලක් දුර දිග යාමෙන් ඥාති සහෝදරයාගේ නිවසට ගොස් පිහියෙන් ඇන ඊයේ (26) ඝාතනය කර ඇති බව බෙලිඅත්ත පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ බෙලිඅත්ත නිහිලුව, ප්රදේශයේ පදිංචි සමීර සඳරුවන් (26) නැමැති රසායනාගාර සහකාරවරයෙකි.
සැකකාර ඥාති සහෝදරයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු එම පුද්ගලයා ඝාතනය සඳහා යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.