බාල වයස්කාරියකව සිටි තැනැත්තියක කඩුවෙල වැලිවිට ප්රදේශයේදී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවකු වූ දෙදරු පියකුට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවම් ලබා දෙන ලෙස හෝමගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (26) දින නියෝග කළේය.
එසේම සැකකරුට රුපියල් විසි දහසක නඩු ගාස්තු ගෙවීමටත් එම මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඩුවමක් ද වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් එම මුදල් ලබා නොදෙන්නේ නම් තවත් වසරක සිර දඩුවම් ලබා දෙන බවද මහාධිකරණ විනිසුරුවරයා වැඩි දුරටත් නියෝග කළේය.
මෙලෙස දඬුවම් නියම වූයේ වැල්ලම්පිටියෙ සුදත් රෝහණ නමැති පුද්ගලයෙකුටය.