කොළඹ කිව් පාරේ කෝවිල අසල රැස්වී සිටින ජනතාව මේ වනවිට රැස්වීමක් පවත්වමින් සිටී.
උද්ඝෝෂකයෝ එකිනෙකා මාර්ග බාධක උඩට නැගී ජංගම ශබ්ද විකාශන යන්ත්ර මගින් ජනතාව අමතති.
තමන් කොළඹට පැමිණියේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් බවත් තමන්ට කන්නට බොන්නට නැති අවස්ථාවේ රට රැකගැනීමට ඉදිරිපත් වූ නායකයා වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන බවත් ඔවුහු පවසති.
“වැටුණු රට ගොඩගත් රනිල් වෙනුවෙන් අපි” ” ජඩ දේශපාලනය පරදමු” ආදී පුවරු ප්රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ රැස්වීමට සහභාගී වෙති.
“ඔවුහු මර්දනයට එරෙහිව” යනුවෙන් ලියූ වැකි සහිත රෙදි නළලේ බැඳගෙන සිටිති.