බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තවත් අයකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා කළුබෝවිල කඳවුර කියයි.
මෙහිදී වයස අවුරුදු 25 ක තරුණයකු ඝාතනයට ලක් විය.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙහිවල සහ රත්මලාන ප්රදේශවල පදිංචි වයස අවුරුදු 19-20 අතර පසුවන්නන්ය.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය වෙත භාරදීී ඇත.