බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත හරහා පා ගමනින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනකු අද අලුයම එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සදහා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඉන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයාගේ තත්ත්වය සාමාන්‍ය බව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ගල්කිස්ස ටෙම්පල් පාරේ පදිංචි ගල්පොත්තගෙ ෂෙහාන් දුලාන් පෙරේරා නමැති (21) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.
මියගිය තරුණය තවත් පිරිසක් සමග බොරලැස්ගමුව බරලැස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගොස් යළි නිවස කරා යාමට මාලනී බුලත්සිංහල මාවත ඔස්සේ පා ගමනින් යමින් සිටියදී ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනකු මෙසේ වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය කියයි.
සංගීත ප්‍රසංගය අතරතුරදි මෙම තරුණයා සමග පිරිසක් ගැටුමක් ඇති කරගෙන ඇති අතර ඊට පලි ගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.