රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් පහළොස් දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ ( 23 )අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ජා ඇල පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්ත නිලධාරියෙකි.
මෙම නිලධාරියා ජාඇල ප්රදේශයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී රථ වාහන වරදක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුගේ රියදුරු බලපත්රය ලබාගෙන එය නැවත ලබාදීම සඳහා රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී ජා ඇල පොලිසිය රථ වාහන අංශයේදී අත්අඩංගුවට ගෙන ඇත.