සූරියවැව පොලිස් වැවේගම ප්රදේශයේදී ඊයේ (21) රාත්රි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට තැත්කල සැකකරුවන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් එක් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සූරියවැව පොලිසිය කියයි .
ජීවිතක්ෂයට පත් පුද්ගලයා පෑලියගොඩ ප්රදේශයේ සිදුකල මිනිස් ඝාතනයක ප්රධාන සැකකරු බවට සැකකරන බව පොලිසිය පවසයි .
වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු සූරියවැව රෝහලට රැගෙන එමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ .වෙඩි හුවමාරුවෙන් විශේෂ කාර්ය බලකායේ සෙබෙළෙකුටද තුවාල සිදුවී තිබේ . සැකකරුවන් ළග තිබී ජීව අත් බෝම්බයක් සොයාගත් බවද පොලිසිය පවසයි