වර්ජනය අත්හිටුවා සාකච්ඡා කිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
වර්ජනය අත්හිටුවා සාකච්ඡාවට එන්නැයි තැපැල්පතිවරයා ප්‍රමුක බලධාරින් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.
තැපැල් වර්ජනය හේතුවෙන් අද (21) දිනයේත් ලිපි හා පාර්සල් ප්‍රවාහනය ඇතුලු සියලු තැපැල් කටයුතු අඩපන විය.
සේවක හිඟය, අතිකාල දීමනා ඇතුලු වැටුප් ගැටලු මුල් කරගනිමින් පසුගියදා (17) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයෝ සියලුම සේවාවලින් ඉවත් වී අඛණ්ඩ වර්ජණයකට අවතීර්ණ වූහ.
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ලිපි සහ පාර්සල් ඇතුලු තැපැල් භාණ්ඩ ලක්ෂ 17කට අධික ප්‍රමාණයක් තවදුරටත් ගොඩ ගැසී ඇතැයි ද ඔහු සඳහන් කළේය. මෙයට අමතරව විදෙස් තැපැල් මලු ලක්ෂයකට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත් හෙතෙම කීවේය.