බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලුම වෘත්තිකයන් අද උදෑසන 8.00 සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණය වී තිබේ.
බරපතළ විෂමතාවයන් සහිතව සහ සෞඛ්‍ය සේවකයන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ සකස් කළ “ස්ථාන මාරු නියෝග 2024” ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය නියෝග කිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය.
මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, වෘත්තියේ චිකිත්සක නිලධාරීන්, කතන චිකිත්සක නිලධාරීන්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තිය කණ්ඩායම් 07 ක් සම්බන්ධ වන බවත් හෙතෙම කීවේය.