කෘෂි අපනයන ගම්මාන 500 ක් පිහිටුවා එම ගම්මාන වල ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවි කරන ගැටලු අවම කිරීම, කෘෂි නිෂ්පාදන වල ගුණාත්මක බව වැඩි කිරීම, කෘෂි භෝග පිලිබඳව සන්නාමයක් ඇති කිරීම තුළින් මෙම කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම මූලික අරමුණු බව ගන්නොරුව කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ උදාරි ශෂිකලා මහත්මිය බලංගොඩ රජවක ගොඩකුඹුරේ පිහිටි කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී පැවැසුවාය.
ඇය මෙම අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් දිවයිනේ තෝරා ගත් කෘෂි අපනයන ගම්මාන 500 ක් පිහිටුවීමේ මූලික අධියරේ නිලධාරීන් පුහුණු කිරීමේ පලමු වැඩ මුළුවේ දීය.
මෙම වැඩමුළුව බලංගොඩ රජවක ගොඩකුඹුරේ පිහිටි කෘෂිකර්ම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී ඉකුත් 19, 20, 21 යන දිනවල නේවාසිකව පැවැත්විණි.
වැඩ මුලුව සදහා කලුතර,ගමිපහ,කොළඹ, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, මොනරාගල, පොලොන්නරුව, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්කවල සේවය කරන කෘෂිකර්ම උපදේශකවරුන් සහ තාක්ෂණ සහකාර නිලධාරීන් හතලිහක් පමණ සහභාගි වූහ.