ලංකාවේ සමස්ත පවුල් ප්‍රමාණයෙන් සීයට හැත්තෑ එකක් අස්වැසුම සහනාධාර සඳහා ආධාර ඉල්ලුම් කර තිබෙන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තුවේ දී මහතා පැවසීය.
ලංකාවේ පවුල් වලින් සීයට 71ක් ආධාර ඉල්ලන මානසිකත්වයේ සිටීම ගැන අප සලකා බැලිය යුතුයි.ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම අපේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ආධාර මත යැපීමෙන් යම් පවුලක් සංවර්ධනය වන්නේ නැහැ.සුභසාධන මූල්‍යාධාර ලබා දෙන අතර අනෙක් පැත්තෙන් සමාජය සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක විය යුතුයි.දිළිඳු පවුල් ලක්ෂ විස්සක ප්‍රමාණය වසර පහක් ඇතුළත සවි බල ගැන්වීමේ වැඩසටහනක් අප අරඹා තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.