පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ සේවකයන්ට කෑම සැපයීම වෙනුවෙන් මාසයකට රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂ අසූ දෙදහස් අටසිය අනූ හයක් වැය වන බව ගණන් බලා ඇතැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුව ලබා දුන් පිළිතුරක සඳහන්වේ.
මෙම වසරේ පළමු අර්ධ වර්ෂය පදනම් කරගෙන මෙම ගණන් බැලීම කර ඇත. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සේවකයන් ඇතුළු පිරිසේ ආහාර පාන වෙනුවෙන් පසුගිය වසර පහක කාලයේදී වැය කර ඇති මුදල රුපියල් කෝටි අසූවකට වැඩි බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ ආහාර පාන වෙනුවෙන් පසුගිය 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක්ද( 88,825,435.00) 2021 වර්ෂයේදී රුපියල් කෝටි දහයකට වැඩි මුදලක්ද ( 102,456,188.00) 2022 වර්ෂය වෙනුවෙන් රුපියල් කෝටි දහ අටකට වැඩි මුදලක්ද( 185,456,188.00) 2023 වර්ෂය වෙනුවෙන් රුපියල් කෝටි විසි හතරකට ආසන්න මුදලක්ද( 238,937,166.00) 2024 වර්ෂයේදී රුපියල් කෝටි විසි දෙකකට ආසන්න මුදලක්ද( 219,426,369.00) මෙසේ වැය කර ඇත. 2020 වර්ෂයේ මාර්තු අප්‍රේල් මැයි කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම සීමා කිරීම හාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීම හේතුවෙන් ආහාර පාන වියදම එසේ අඩුවුණු බවද එම ප්‍රකාශකයා කීය.