ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් තුනක පිටපත් තමාට ලැබී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය
කතානායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.
ඒ පිළිබඳ විවාදය ඉදිරි දිනක පැවැත්වීමට නියමිතය. හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ගේ දීමනා නිල නිවාස ඇතුළු සියලු පහසුකම් මෙම පනත සම්මත වීමෙන් අහෝසි වී යනු ඇත. විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වන්නේ විශ්‍රාම වැටුප පමණි.