කුරුන්චතිවු ( අලිමංකඩ – උතුර) ලුණු ලේවාය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
උතුරු හා නැගෙනහිර පළාත් වල පැවති යුද මය වාතාවරණය හේතුවෙන් නැවතී තිබූ කුරුන්චතිවූ ලුණු ලේවායේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ ආරම්භ කිරීම සඳහා දේශීය ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට පියවර ගෙන ඇතත්, එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වී ඇත.
එබැවින්, කුරුන්චතිවු (අලිමංකඩ උතුර) ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.