ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය ග්‍රේස් සහ ග්‍රීන්ස් කණ්ඩායම් අතර අද (16) පැවැත්වේ.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය ප.ව. 1.30ට ආරම්භවීමට නියමිතය.
ග්‍රීන්ස්, ග්‍රේස් හා බ්ලූස් ලෙස කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් මෙම තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්විණි.
එහිදී සෑම කණ්ඩායමකම තරග 4ක් හිමි වූ අතර, ඉන් තරග 3ක් ජයගත් කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ග්‍රීන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගත්තේය.
ඔවුන් තරග 3ක් ජයගත් අතර, එක් තරගයක් විසදුමකින් තොරව අවසන්ව ඇත.
දෙවැනි ස්ථානය හිමිකරගත් චරිත් අසංලකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම තරග 2ක් ජයගත් අතර, එක් තරගයක් ඔවුන් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්විය.
දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායමට ක්‍රීඩාකළ කිසිදු තරගයක් ජයගැනීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමිවිය.