නීති විරෝධීව තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම් වැටි තොගයක් කොටහේන පොලිසියට අයත් ජීප් රථයකින් ප්රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම සැකකරු සමග දුම් වැටි 24000 ක් අඩංගු කාටුන් පෙට්ටි 120 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහෙන විහාරස්ථානයක් අසලදීය.
පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත.