හදිසි වෛද්‍ය ප්‍රතිකාර රෝහල් වලට පමණක් සීමා කළ නොහැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සියලු ජනතාව කේන්ද්‍ර කර ගනිමින් හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ වාර්ෂික අධ්‍යයන සම්මේලනයට සහභාගී වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (Sri Lanka College of Emergency Physicians – SLCEP) වාර්ෂික අධ්‍යයන සම්මේලනය – 2025 සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්විණි.
එම සම්මේලනයට සහභාගී වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස, හදිසි ප්‍රතිකාර පිළිබද වෛද්‍ය සේවාව රෝහල්වලට පමණක් සීමා කළ නොහැකි බව හඳුනා ගෙන ඇති බවයි.
එය අවශ්‍යතාවය ඇති සියලු ස්ථානවලට ව්‍යාප්ත විය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම සේවා කටයුතු රෝහල්වල නිශ්චිත සත්කාර දක්වා බාධාවකින් තොරව ඉදිරියට යා යුතු බව ද පැවසී ය.