වනාතවිල්ළුව වීරක්කොලීචොලේ රජයේ රක්ෂිතයේ අක්කර 600 එළි කරමින් සිටි විදේශිකයන් දෙදෙනකු ඇතුළු 12 දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම අඩවි වන කාර්යාලය පවසයි.
වනාතවිල්ළුව ප්‍රාදේශීය ලේකම් මිලන්ග ප්‍රභාත් නන්දසේන මහතාට ලැබුණු තොරතුරක් මත ඒ මහතා සංරක්ෂක දෙපාර්තුමේන්තුවේ වනාතවිල්ළුව වන ශ්රේෂ්ත්ර සහකාරවරුන් හා බීට්ටු වන නිළධාරින් හා වනාතවිල්ළුව පොලීසය එක්ව මෙම වැටලීම සිදු කර ඇත.
මල්විල ප්‍රදේශයෙන් වීරක්කොලීචොලේ රජයේ රක්ෂිතයට ඇතුලත් වී ඇති අතර මෙම සැකකරුවන් එම ප්‍රදේශය එළිපෙහෙලි කරන විට මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරුවන් සතුව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ආමාත්‍යවරයා විසින් ඉඩම් කොමසාරිල් ජනරාල් වෙත කෘෂිකර්ම ව්‍යපෘතියක් සදහා ඉඩම් ලබා දෙන ලෙසට කරණ ලද ඉල්ලීමක් සහිත ලිපියක් පමණක් තිබි නිළධාරින්ට ඉදිරිපත් කළ බව වැටලිමට එක් වූ නිලධාරීහු පැවැසූහ.
පුත්තලම අඩවි වන නිළධාරි අශෝක ප්‍රේමරත්න මහතා සදහන් කළේ පිරිස රැගෙන ගිය ටැක්ටර් රථය හා උපකරණ කිහිපයක් වන සංරක්ෂණ නිිලධාරින් බාරයට ගත් බවයි.
මේ සම්බන්ධව අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර එම ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනකු හා කොළඹ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයක ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයකු ඇතළු පිරිසක් සිටින බව වන සංරක්ෂක නිළධාරින් සදහන් කළේය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් සැකකරුවන් සියළු දෙනා වනාතවිල්ළුව පොලීසියේ රදවා ඇති අතර අද උදෑසන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.