අධික වාහන හිඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රැසක වැඩ කටයුතුවලට දැඩි බාධා මතුව ඇතැයි වාර්තාවේ.
රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට තවත් වාහන පන් හය දහසක් අවශ්‍ය වන බව රජයට පෙනී ගොස් ඇත.
රාජ්‍ය ආයතනවලට වසර 15කින් පමණ වාහන මිලදීගෙන නැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
බොහෝ ආයතනවල පවතින අධික වටිනාකම් සහිත අධි සුඛෝපභෝගී වාහන විකුණා ලබා ගන්නා මුදල් වලින් එදිනෙදා පරිහරණයට වැදගත් වන පොඩි වාහන මිලදී ගැනීමට රජයේ විශේෂ අවධානය යොමුව ඇත.
මේ අතර රජයේ ආයතනවල වැඩි එන්ජින් ධාරිතාවය සහිත අධි සුඛෝපභෝගෝ වාහන වෙන්දේසි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තද බොහෝ ආයතනවල එම කටයුතු හරියාකාරව සිදුවී නැතැයි වාර්තාවේ.