හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා හිමිනම වැඩවාසය කරනු ලබන බව කියන ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයකට පොලිස් කණ්ඩායම් කීපයක් ගියද එම හිමිනම එහි නොසිටි බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අපේ ජනබල පක්ෂයේ මහලේකම් වශයෙන් කටයුතු කළ හිමිනමක පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කර ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී අතුරලියේ රතනහිමියන්ට එරෙහිව එම පක්ෂයේ මහලේකම් බව කියන හිමිනමක විසින් පැමිණිල්ලක් කොළඹ අපරාධ කොට්ඨාසයට කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායමක් කීපයක් අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයට ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.