මහරගම නාවින්න බස් නැවතුම්පළ ඉදිරිපිටදී හයිලේවල් මාර්ගයේ කූලි රථ සමාගමක ලියාපදිංචි යතුරුපැදියක යමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්රහාරයකින් තුවාල ලැබූ තරුණයකු කලුබෝවිල ශික්ෂණ කෝහලට ඇතුලත් කළ බව මහරගම පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ දෙහිවල කළුබෝවිල විමලසාර මාවතේ තරුණයෙකි.
මෙම පුද්ගලයා නුගේගොඩ දෙස සිට මහරගම දෙසට යතුරුපැදියක යමින් සිටියදී එම දෙසටම ධාවනය වූ තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මීටර් දහයක් පමණ දුරට දිවගොස් වැටී ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය වාර්තා වීමත් සමඟ පොලිසිය පැමිණ තුවාලකරු කළුබෙල්ල රක්ෂික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.